Facebook

...:::උපන් දිනය:::...


උපන් දිනය යනු විශේෂ අවස්ථාවකි.
උපන් දිනය අපි හැමෝටම විශේෂ දවසකි..
උපන් දිනයට අපි ප්‍රීති වන්නේය...
ප්‍රීතිය තුළ දුකටද කාරණාවක් තිබේ.
එයට හේතුව වන්නේ අප ඉක්මනින් වයසට යාමය.
එයට ලං වෙන විට මරණයටද අප ලං වේ..
කාලය ඉක්මනින් ගෙවේ..
කාලය මිනිසා අළුත් අදහස් වලට යොමු කෙරේ
උපන් දිනයට ප්‍රීතිය සමග දුකක්ද ඇති වේ..
මෙය අප සෑම දෙනාටම උරුම දෙයකි....

...:::බලාපොරොත්තු:::...


බලාපොරොත්තු අපි කෙනෙක්ටම තියනවා...
බලාපොරොත්තු බිදෙනකොට ඇති වෙන්නේ දුකකි වේදනාවකි..
බලාපොරොත්තු ජීවත් කරනවා වගේ විනාශයටත් මුලය...
බලාපොරොත්තු මොන තරම් තිබුණත් ඉෂ්ඨ කර ගන්න
ගොඩක් අමාරුයි..දුබල සිත් චංචල වේ....
බලාපොරොත්තු සුන් වෙනකොට සිත් අචංචල වේ..

...:::සයුරේ ‍රැලි:::...



සයුර නිහඩ වෙන වෙලාවට
මොන තරම් පාළුද.....
සයුරෙ ‍රැලි නිසා ඒ නිහඩ භාවය බිදෙනවා
මොන තරම් සුන්දර දර්ශනයක්ද
සිතට නැගෙන සිතුම් මොන තරම් අවංකද.....
ඒ අවංක සිතුවිලි මත ජීවිතය
තවත් සුන්දර අත් දැකීම් විදිය හැක....


...:::මව් සෙනෙහස:::...


කුරුලු අම්මා තමන්ගේ පැටව්ව බලා ගන්නේ
මොන තරම් ආදරෙන්ද....
අපේ දෙමාපියනුත් අපිව බලා ගන්නේ
අපිට ‍රැකවරනය දෙන්නේ මොන තරම් සෙනෙහසකින්ද....

අම්මා කෙනෙක්ගේ හිත දරුවන් වෙනුවෙන්
මොන තරම් උණු වෙනවාද....
ඒ උණු වෙන ගලා හැලෙන සෙනෙහසට
දරුවෝ දුකක් දුන්නහම ඒක මොන තරම්
දුකක්ද අම්මා කෙනෙක්ට....

අම්මා තමයි මේ ලොකේ උතුම්ම වස්තුව....
අම්ම කෙනෙක් කියන්නේ
සෙනෙහස තුල කැප වෙන කෙනෙක්ටය....
දස මසක් කුසේ දරාගෙන
විදින දුක සතුට දන්නේ අම්මලයි....

අම්මා...මේ අකුරු තුනේ වචනවය
මොන තරම් බලගතුද....
වඩලා කුණු බක්කියේ දමා යන අම්මාට
වඩා හදන අම්මායි උතුම්....සත්‍යය මව්
සෙනෙහස තියෙන්නේ හදන අම්මා ලගය....

...:::ජීවිතේ:::...


ජීවත් වෙනවා කියන්නේ ප්‍රශ්ණ විසදීමද?
නැත්තම් ප්‍රශ්ණ ගොඩක හිර වෙලා ජීවත් වීමද
ජීවිතය අපි හිතනවාටත් වඩා දුරයි තමා....
මහ සයුර සේ පොළවේ ගැටෙන වැලි සේ
ප්‍රශ්ණ ජීවිතයට ගොඩක් එනවා.... ඒත් ඒවා
කාලයත් එක්ක ගත්තාම ප්‍රශ්ණ නෙමේ....

ප්‍රශ්ණ ජීවිතයට එන තරමට ජීවිතය ලස්සන වේ
අමාරුවෙන් ගොඩ ගන්න ජීවිතේට නව අරුතක් ඇත
ඔයාට හිතා ගන්න බැරි විදිහට ප්‍රශ්ණ එනවා තමා
ඒත් බය වෙන්න එපා ඒවාට මූණ දෙන්න එඩිතරව
එතකොට ජීවිතය ලස්සනයි ඔයාට ජීවත් වෙන්න
ආස හිතෙයි....නිදහස් බවක් දැනේ....

ඒ නිදහස විදින්න ආස හිතෙයි ඔයාට
ජීවිතේ ගැන හිතන්න පටන් ගනී....
ජීවිතේ ගැන හිතන්න ඕන තරම් හිතන්න ඒත් කල්පනා
කරන්න එපා.... නිදහස විදින්න වගකීම් සහිත
හොද පුතෙක් හොද දුවෙක් වෙන්න....

සමාජයට වැඩදායි පුද්ගලයකු වන්න
ලෝකයට බරක් වෙලා
ජීවත් වෙන්න හිතන්නවත් එපා....
ප්‍රශ්ණ වලට සැලෙන්න එපා
ලෝකයට ඔබ ගැන දැනෙන්න ඉඩ දෙන්න
හැබැයි ඒ ආදර්ශයක් ගන්න පුලුවන් නම් විතරක්...


...:::නිදහසේ පියාබන්න ඇත්නම්:::...



කුරුල්ලෙක්ට මොන තරම් නිදහස තියනවද
කුරුල්ලන් නිදහසේ සැරිසරනවා
කුරුල්ලෙක්ට තියෙන නිදහස සුන්දරයි
කුරුල්ලෙක් වෙන්න ඇත්නම් මටත්
කුරුලු පිහා‍ටු මට ලැබුනොත්
කුරුලු ලස්සන ජීවිතේ රස මටත් විදින්න ඇත්නම්

...:::ලස්සන:::...



ලස්සන කියන්නේ මතු පිටින් දකින ලස්සන නෙමේ....
ඇතුලාන්තව තියෙන ලස්සන තමා හොදම ලස්සන තියෙන්නේ....
මතු පිටින් දකින දේට වඩා ඇතුලාන්ත දකින දේයි ගැබුරු සත්ත්‍ය....