Facebook

...:::සයුරේ ‍රැලි:::...



සයුර නිහඩ වෙන වෙලාවට
මොන තරම් පාළුද.....
සයුරෙ ‍රැලි නිසා ඒ නිහඩ භාවය බිදෙනවා
මොන තරම් සුන්දර දර්ශනයක්ද
සිතට නැගෙන සිතුම් මොන තරම් අවංකද.....
ඒ අවංක සිතුවිලි මත ජීවිතය
තවත් සුන්දර අත් දැකීම් විදිය හැක....


...:::මව් සෙනෙහස:::...


කුරුලු අම්මා තමන්ගේ පැටව්ව බලා ගන්නේ
මොන තරම් ආදරෙන්ද....
අපේ දෙමාපියනුත් අපිව බලා ගන්නේ
අපිට ‍රැකවරනය දෙන්නේ මොන තරම් සෙනෙහසකින්ද....

අම්මා කෙනෙක්ගේ හිත දරුවන් වෙනුවෙන්
මොන තරම් උණු වෙනවාද....
ඒ උණු වෙන ගලා හැලෙන සෙනෙහසට
දරුවෝ දුකක් දුන්නහම ඒක මොන තරම්
දුකක්ද අම්මා කෙනෙක්ට....

අම්මා තමයි මේ ලොකේ උතුම්ම වස්තුව....
අම්ම කෙනෙක් කියන්නේ
සෙනෙහස තුල කැප වෙන කෙනෙක්ටය....
දස මසක් කුසේ දරාගෙන
විදින දුක සතුට දන්නේ අම්මලයි....

අම්මා...මේ අකුරු තුනේ වචනවය
මොන තරම් බලගතුද....
වඩලා කුණු බක්කියේ දමා යන අම්මාට
වඩා හදන අම්මායි උතුම්....සත්‍යය මව්
සෙනෙහස තියෙන්නේ හදන අම්මා ලගය....

...:::ජීවිතේ:::...


ජීවත් වෙනවා කියන්නේ ප්‍රශ්ණ විසදීමද?
නැත්තම් ප්‍රශ්ණ ගොඩක හිර වෙලා ජීවත් වීමද
ජීවිතය අපි හිතනවාටත් වඩා දුරයි තමා....
මහ සයුර සේ පොළවේ ගැටෙන වැලි සේ
ප්‍රශ්ණ ජීවිතයට ගොඩක් එනවා.... ඒත් ඒවා
කාලයත් එක්ක ගත්තාම ප්‍රශ්ණ නෙමේ....

ප්‍රශ්ණ ජීවිතයට එන තරමට ජීවිතය ලස්සන වේ
අමාරුවෙන් ගොඩ ගන්න ජීවිතේට නව අරුතක් ඇත
ඔයාට හිතා ගන්න බැරි විදිහට ප්‍රශ්ණ එනවා තමා
ඒත් බය වෙන්න එපා ඒවාට මූණ දෙන්න එඩිතරව
එතකොට ජීවිතය ලස්සනයි ඔයාට ජීවත් වෙන්න
ආස හිතෙයි....නිදහස් බවක් දැනේ....

ඒ නිදහස විදින්න ආස හිතෙයි ඔයාට
ජීවිතේ ගැන හිතන්න පටන් ගනී....
ජීවිතේ ගැන හිතන්න ඕන තරම් හිතන්න ඒත් කල්පනා
කරන්න එපා.... නිදහස විදින්න වගකීම් සහිත
හොද පුතෙක් හොද දුවෙක් වෙන්න....

සමාජයට වැඩදායි පුද්ගලයකු වන්න
ලෝකයට බරක් වෙලා
ජීවත් වෙන්න හිතන්නවත් එපා....
ප්‍රශ්ණ වලට සැලෙන්න එපා
ලෝකයට ඔබ ගැන දැනෙන්න ඉඩ දෙන්න
හැබැයි ඒ ආදර්ශයක් ගන්න පුලුවන් නම් විතරක්...


...:::නිදහසේ පියාබන්න ඇත්නම්:::...



කුරුල්ලෙක්ට මොන තරම් නිදහස තියනවද
කුරුල්ලන් නිදහසේ සැරිසරනවා
කුරුල්ලෙක්ට තියෙන නිදහස සුන්දරයි
කුරුල්ලෙක් වෙන්න ඇත්නම් මටත්
කුරුලු පිහා‍ටු මට ලැබුනොත්
කුරුලු ලස්සන ජීවිතේ රස මටත් විදින්න ඇත්නම්

...:::ලස්සන:::...



ලස්සන කියන්නේ මතු පිටින් දකින ලස්සන නෙමේ....
ඇතුලාන්තව තියෙන ලස්සන තමා හොදම ලස්සන තියෙන්නේ....
මතු පිටින් දකින දේට වඩා ඇතුලාන්ත දකින දේයි ගැබුරු සත්ත්‍ය....

...:::ජීවිතත් මල් වගේද:::...



ගොඩක් මල් පිපෙන්නේ උදෑසනටයි
ඒ මල් මොන තරම් සුවදද
මොන තරම් සුවද වුණත් පිපෙන මල්
දහවල් වෙනකොට ගිහි ගහන මද්දහනට
ඒ මල් පර වෙනවා....
ජීවිතත් මල් වගේද?....සුන්දරට පේන දේ
අපි හිතන තරම් සුන්දර නැහැ....

...:::මිනිස් අප:::...


අතේ ඇගිලි පහ පස් විදියක්
මිනිස් අප වෙන එකින් එකාට වෙනස්
අපි සිතන සිතුවිලි විවිධාකාරයි....
ඒ විවිධාකාර සිතුවිලි ඔස්සේ නැගෙන ඵල
අපමණයි සීමාවක් නැති තරමට අපමණයි..

...:::ආදරය:::...


ආදරය ගොඩක් සුන්දර හැගීමක්
ආදරයට කවුරුත් ආදරේ කරනවා....
ආදරය බොළද සිතුවිල්ලක් වුවත්
ආදරයට නොයෙකුත් දේවල් වෙනස් කල හැක

...:::ජීවිතේ සල්ලිම නෙමේ:::...


ජීවත් වෙන්න අපි නොයෙකුත් දේවල් කරනවා....
සල්ලි වලට අද සමාජය ගහ මරා ගන්නවා....
තුට්‍ටු දෙකට මිනි මරන මේ සමාජය තුල
ජීවත් වෙන අහින්සක මිනිසුන්
සල්ලි නිසා ජීවිත බිලි වෙනවා....

...:::පුoචි සිහින:::...



පුoචි ලමයි සිතන පතන දේවල්
මොන තරම් සුන්දරද....
මගේ පුoචි කාලෙත් මේ වගේ
සුන්දරයි කියා මට හැගෙයි....